Friday, 14 July 2017

ඉතිහාසයේ විසංවාද

ඉතිහාසයේ විසංවාද
පෘතුගීසින් ලංකාවට එන විට ලංකාවේ පාලකයා කවුද ?

       මේ පැනය අද මගේ මිතුරෙක් විමසූ එකක්. ඔහුට පිළිතුරු දෙකක් තිබුණ. එකක් අටවන වීර පරාක්‍රමබාහු රජතුමා අනෙක නව වන ධර්ම පරාක්‍රමබාහු රජතුමා...

       අටවන වීර පරාක්‍රමබාහු  නමින් රජ වන්නේ හයවැනි පරාක්‍රමබාහු රජතුමා පුත් තනතුරේ හැදූ අඹුළුගල කුමරුන්‍ ය. මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන්ට අනුව එතුමා වයස්ගතව ක්‍රි.ව. 1509 ජුනි මස හත් වැනිදා මියගොස් ඇත.

       පෘතුගීසින් ගාලු වරායට ගොඩ බසින්නේ ක්‍රි.ව. 1505 දීය. ඒ නිසා ගැටලුවක් මතුවෙන්නේ කෙලෙස ද ? නමුත් ගැටලුව ඇති කරන්නේ ඉතිහාස කතා කරුවාමය. වීර පරාක්‍රමබාහු රජතුමාට පසු රජවෙන්නේ හයවැනි විජයබාහු නම් ඔහුගේ පුත්‍රයෙකි..

        රාජාවලියේ ධර්ම පරාක්‍රමබාහු නැමැත්තා ඔහුගේ සොහොයුරෙකි. ඔහු රජකම සඳහා අරගලයක් කොට ඇත. හෙතෙම පෘතුගීසින්ගෙන් පළමුව යුධ ආධාර පැතූ ශ්‍රී ලාංකික රාජ වංශිකයාය. ක්වේරෝස් ගේ වාර්තා අනුව 1517 දී පෘතුගීසින් මෙරටට පැමිණ ඇත්තේ ඔහුගේ සහයෙන් කොටුවක් තැනීමටය..

        හයවැනි විජයබාහු රජතුමා එය ව්‍යර්ථ කොට ඇත. මෙසේ බලන විට ධර්ම පරාක්‍රමබාහු කිසිදු දිනෙක මෙරට රජ කොට ඇත. එහෙත් පෘතුගීසින් ඔහු මෙරට රජු ලෙස හඳුන්වා ඇත. ක්වේරෝස් ගේ කූතෝ ගේ වාර්තා මෙන්ම රාජාවලිය ද ධර්ම පරාක්‍රමබාහු රජෙක් ලෙස සඳහන් කලද,

      මහාවංසය , රාජරත්නාකරය ඔහුව ශ්‍රී ලාංකීය රාජ නාමාවලියට ඇතුල් කොට නැත. ඔහු නිකුත් කල සන්නස් හෝ සෙල්ලිපියක් හමුව නැත.. බොහෝ විට කෝට්ටේ යුගයේ රජවරුන් ගේ රාජ කාලය ගැටලු සහගත වන්නේ ඔවුන් යුවරාජ පදවිය දැරූ කාලයද ඇතැම් ලේඛකයන් ඊට ඈදා ගෙන ඇති බැවිනි...




No comments:

Post a Comment

අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්

         මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...