Sunday, 16 July 2017

මලවුන් යලි කැදවන මානෙන් උළෙල



     මේ මිහිපිට ඇත්තේ පුදුමාකාර සංස්කෘතික විවිධත්වය කි. ඉන්දුනීසියාවේ දකුණු සුලවෙසි දූපතේ ටොරාජන් ජාතිකයන් මේ අපූර්ව උත්සවය වසර තුනකට වරක් පවත්වයි.

    එහිදී සිදු වන්නේ මියගිය තම ඥාතීන් වල දැමූ සොහොනෙන් එලියට ගැනීමයි. එහිදී විවිධ චාරිත්‍ර සිදුවේ. මේ මල සිරුරු සෝදා, සුවද ගල්වා ඒවාට වටිනා අලුත් ඇදුම් අන්දවයි.

    අනතුරුව පෙරහැරකින් මල සිරුරු ගම වටේ ඇවිද්දවයි.. මෙය දින කිහිපයක් සිදු වන චාරිත්‍ර වලින් යුක්ත වේ. ඒ කාලය තුල මල සිරුරු විශේෂ ගල් ගුහාවක තැම්පත් කරයි.

    පසුව අලුත් පෙට්ටියක චාරිත්‍රානුකූලව යලිත් භූමදානය සිදු කරයි. මෙය මලවුන්ගේ ආශිර්වාදය හා සමෘද්ධිමත් බව උදෙසා කරන්නක් බව කියවේ. නමුත් මෙය සෞඛ්‍ය ගැටලු ඇති කරන්නක් බව එරට බලධාරීන් පවසයි..

 





No comments:

Post a Comment

අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්

         මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...