Sunday, 13 August 2017
කකුළෙ ඇගිල්ලකට මොකද වුණේ ?
මේ තියෙන්නේ ගෝවේ බොම් ජේසුස් බැසිලිකාවෙ තැන්පත් කර ඇති දේහයක්. අපි හිතන විදිහට මේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගෙ දේහය, ක්‍රිස්තු බැතිමතුන් ට අනුව ෆ්‍රැන්සිස් ෂේවියර් තුමන්ගෙ දේහය.
තොටගමුවේ රාහුල හිමියන් අපවත් වීමට කලින් සිද්ධාලෝක රසය නම් බෙහෙත් ඖෂධයක් වැළඳූ නිසා උන්වහන්සේගේ දේහය නරක් නොවී ආරක්ෂා වුණ බව කියවෙනවා.
පෘතුගීසීන් විසින් ඉඳුරුව ගල්ලෙනේ ආරක්ෂිතව තිබූ මේ දේහය සොරාගත් බවත් කියවෙනවා. හිමියන්ගෙ දකුණතේ කවි දෙකක් කොටාගෙන තිබූ බව සඳහන් වෙනවා. මේ නිසා උන්වහන්සේගෙ දේහයේ අනන්‍යතාව රැකුණු බව කියවෙනවා.
අද වෙනකොට ගෝවේ දකින්න ලැබෙන දේහයේ දකුණත නැහැ, ( මේ ඡායාරූපය ඒකට සාක්ෂි දරණවා ) එය මේ වංචාව හසුවීම වැළැක්වීමට කරන ලද්දක් බවත් කියවෙනවා.
මේක බොහෝ දෙනෙක් දැනුවත් කතාවක්.
හැබැයි මේ දේහයේ පාදයක ඇඟිල්ලකුත් නෑ.
මොකක්ද මේ ඇඟිල්ලට සිදු වුණේ ?
මේක ටිකක් අප්‍රකට ජුගුප්සාජනක සිදුවීමක් .
ගෝවට රැගෙන ආපු මේ දේහය, ශාන්ත පෝල් දෙව් මැදුරෙ දින තුනක් පුරාවට මහජන ප්‍රදර්ශනයට තබනවා. එහි පැමිණි දෝන ඉසබෙලා ටී කැරොන් නැමැති කාන්තාවක් පාද සිපගන්න මුවා වෙන් කටින් කඩා එක් ඇගිල්ලක් වෙන් කර ගන්නවා.
අද වෙනකොට මේ ඇගිල්ලත් ගෝවේ දේවස්ථානයක ප්‍රදර්ශනය කරනවා.
එතකොට අතට මොකද වුණේ ? අතේ උඩ බාහුව රෝමයටත්, අත ජපානයටත් යැවූ බව කිය වෙනවා. මේ දේහය ගැන වෛද්‍ය නිරීක්ෂණ කිහිපයක් සටහන් තබා තියෙනවා. ඒ හැම එකක්ම අස්වාභාවිකයි.
ඔවුන්ගෙ නිරීක්ෂණ වලට අනුව නරක් නොවුණු රුධිරය දකින්න ලැබිල තියෙනවා. ඒ වගේම දේහයෙන් මිහිරි සුවඳක් හමා විත් තියෙනවා. මේ හුදු ප්‍රලාප වන්නට ඉඩ වැඩියි. අද වන විට දේහය දිරාපත් වෙමින් පවතින්නේ.
ඊලඟ ලිපියෙන් හිමියන් ගේ හස්ථයෙහි වූවා යැයි කියන කවි ද්විත්වය බලාපොරොත්තුවන්න.
Subscribe to:
Post Comments (Atom)
අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...
-
පෙරහැර සිරිත ලාංකීය සංස්කෘතිය තුලට අනාදිමත් කාලයක සිට එක් වූවකි. පෙරහැර සිරිතේ මුදුන් මල්කඩ උතුම් දළදා පෙරහැර ලෙස හැඳිවිය හැක.. ...
-
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...
-
නැගෙනහිර යුරෝපය පුරා පැතිර යන සිනෝන් නැමැති දරුණු වසංගතයක්. ඊට කිසිදු ප්‍රතිකාරයක් නැති තැන, එක්තරා ඖෂධීය වී විශේෂයක් සොයා ලංකාව පැමි...

Karunu karana kohoma unath katholika aya poddak wath oya de piliganna kemathi na.
ReplyDeleteOu eyalath sakshi idiripath krnawa...
Delete