ලාංකීය ඉතිහාසයේත් ජනශ්‍රැතියේත් අරුම තැන් සොයා යන මේ සටහන් පෙළෙහි ආරම්භය, නිකිණි පුර හඳ යට සිදුවීම ද විශේෂත්වයකි.
මෙවර නිකිණි පොහොය මෙරට ජනතාවට සුවිශේෂී වූවක්. මේ පෑයූ නිකිණි පුරහඳ යට සෙංකඩගල පුර දළදා පෙරහැරත්, රුහුණු පුර කතරගම දෙව් පෙරහැරත් අති ශෝභාමත්ව වීදි සංචාරය කරන්නට යෙදුණා.
රජරට ඇත්තන්ට දරමිටි පොහොය ද මෙදිනම උදාවිය, මේ අතර දකුණු කරයේ ඇත්තන්ට සුද්දේ පොහොයද උදා වුණි. සුද්දේ පොහොය නැත්නම්, කිරි පොහොය ඔබට මට බොහෝ දෙනෙක්ට ආගන්තුක වූවක්.
සිංහල අලුත් අවුරුද්දෙන් පස්සෙ සිංහල බෞද්ධයන්, වැඩිම පිරිසක් එකම දිනයක සිදුකරන චාරිත්‍රාංගය මේ සුද්දේ පොහොය. බෙන්තර ගඟත් ගිං ගඟත් අතර වෙරළබඩ සිංහලයන් විසින් මේ චාරිත්‍රය ඉෂ්ට කරන්නෙ, කතරගම දෙවියන් වෙනුවෙන්.
ඒ සඳහා යොදා ගැනෙන්නේ සිංහල අලුත් අවුරුද්දෙන් පසු එලඹෙන හතර වෙනි පොහොය. බක් පොහොය, අවුරුද්දෙන් පසුව යෙදිල තිබුණොත් සුද්දෙ පොහොය වෙන්නෙ ඇසළ පොහොය, පෙර යෙදුණොත් එය නිකිණි පොහොය දා උදා වනවා.
නිර්මාංශිකව, පේ වී කිරිබත් සහ කිරි කැකෑරුම් නැමැති විශේෂ ආහාරයක් පිස ඒවා දෙවියන්ට පිදීම මෙහිදී සිද්ද වෙනවා.
ඉන් අනතුරුව නිවසේ සියල්ලන්ම ආලින්දයේ බිම වාඩි වී, කෙසෙල් කොළ මතට බෙදන දානය භුක්තිවිදීම සිදු වෙනවා..
කිරි කැකෑරුම් නැමැති විශේෂ ආහාරය සාදන අයුරු
සාදාගත් කිරි කැකෑරුම්
දේව දානය සහිත ගොටුව
දෙවියන් වෙත දේව දානය පිදෙන පහන් පැල
නිවැසියන් දානය ගැනීමට සූදානම්ව
කිරි කැකෑරුම් , කිරිබත් කෙසෙල් සහිත දානය
දානය භුක්තිවිදීම
සිහිපත් කරවමින් පෙර අසුර යුද
ගම්මානයට පායන විට ඇසළ සඳ
වැලිතොට විසූ බමුණන්ගේ සිරිත ලද
ඇරඹෙයි සුද්දෙ පොහොයට කඳ සුරිදු පුද
මේ චාරිත්‍රාංගය ඇතුලෙ තවත් බොහො දේ දකින්න පුළුවන්. ඒවා බොහොම රසවත්, ඒ රස මුසු දේ වගේම මෙහි සම්භවය පිළිබඳවත් බොහෝ දේ ඉදිරියේදි එළිදකින #ඓරාවණ ඔබට කියාවි .....
ඡායාරූප සහය - අශිකා කෞශල්‍යා
හරේන් ද සිල්වා
මනීෂ නිම්නාද








No comments:
Post a Comment