Saturday, 15 July 2017

නවගමුවේ අසිරිමත් ගොන්පිට පෙරහැර..

   


    පෙරහැර සිරිත ලාංකීය සංස්කෘතිය තුලට අනාදිමත් කාලයක සිට එක් වූවකි. පෙරහැර සිරිතේ මුදුන් මල්කඩ උතුම් දළදා පෙරහැර ලෙස හැඳිවිය හැක.. අනෙකුත් විහාරස්ථාන, දේවාල මූලික කර ගනිමින් ද පෙරහැර චාරිත්‍රය පැවැත්වෙන අතර ඒවායේ ඇතැම් අංග විවිධත්වයක් පෙන්වයි.

       පත්තිනි දේවිය වෙනුවෙන් වූ ප්‍රධානතම දෙවොල, නවගමුව දේවාලයේ වාර්ෂික පෙරහැර ඒ අතරින් සුවිශේෂී වෙයි.. ඒ එහි දින තුනක් පැවැත්වෙන ගොන්පිට පෙරහැර නම් පෙරහැර චාරිත්‍රය හේතුවෙනි. සාමාන්‍යයෙන් පෙරහැර වලට යොදාගන්නේ හස්ති රාජයන් වුවද, මේ පෙරහරේ මූලිකත්වය ගන්නේ ගවයන් ය.

       ඒ සඳහාම ගව පට්ටියක්  දේවාලය විසින් පවත්වාගෙන යයි..  පෙරහැරේ දී සුදු පැහැති ශක්තිමත් ගොනෙකු, රන් පැහැ වස්ත්‍රයක් පළදා සරසා ගනී.. ගවයා මත දේවාභරණ රැගත් කපු මහතෙකු ගමන් කරන්නේ උඩු වියන් සහිතවය. එසේම වැඩුණු තවත් ගොන්නුන් ද මේ පෙරහරේ ගමන් ගනී.

✒️ කෝකිල ගිහාන් විතානතන්ත්‍රී

   

  
ඡායාරූප කඩුවෙල අපි ෆේස් බුක් පිටුවෙන් උපුටා ගත්තකි....

No comments:

Post a Comment

අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්

         මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...