Saturday, 19 August 2017
අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්තුකයි. ඒකට හේතුව මෑත යුගයෙ එවැනි අත්දැකීමක් අපට නොතිබීම.
නමුත් එය එසේ නොවෙන බවට අපේ සැඟවුණු ඉතිහාසය දෙස් දෙනවා. ක්‍රි.ව. 1615 අප්‍රේල් මාසෙ 14, ඔව් සිංහල අලුත් අවුරුද්ද,
ඒත් එදා මෙදා තුර ලාංකික සමාජය මුහුණ නොදුන් අත්දැකීමක්, එවර අවුරුදු කුමරා රැගෙන පැමිණියේ.
එදින රාත්‍රිය අවුරුදු සතුට පරයමින් භීතිය සේම ත්‍රාසයෙන් මිනිස් හදවත් කම්පනය කරන මූසල අඳුරු රාත්‍රියක් බවට පත් වුණේ, හිරු ක්ෂිතිජයෙන් නොපෙනී යාමත් එක්කම වගේ.
මහපොළොව දෙදරවමින් තමන්ට සෙවන දුන් නිවෙස් අහිංසකයන් හිස මත කඩා වැටෙන්නට වුණා. කොළඹ කොටුවේ බැමි පවා පෙරලී ගොස්, කැළණි ගඟ මතින් වූ පාලම සුනු විසුණු ව යෑමට ගතව ඇත්තේ එක් නිමේෂයක කාලයක්.
ඒ දීර්ඝ රාත්‍රිය අවසානයේ, කිසිත් නොදන්නා විලසින් පෙරදා බැසගිය හිරු, පසුදා නැඟ එද්දී, කොළඹ අවට දෙදහසක් පමණ දෙනෙකුට ජීවිත අහිමිව තිබුණා. තුවාල වූ පිරිස තවත් දහස් ගණනක්.
මේ ගැන තොරතුරු සඳහන් වෙන්නෙ පෘතුගීසි ජාතික ජෝර්ජ් රොඩ්රිගස් මුද්‍රණය කල වාර්තාවක. ඓරාවණ තුලින් මේ අවාසනාවන්ත රාත්‍රිය පිළිබඳ බොහෝ දෑ එළි දකින්නට නියමිතයි.
ඔව්, ඔබ තවමත් සිටින්නෙ සැකයෙන් එය මේ පුංචි රටේ ඇත්තටම සිදු වුණාද ?
සැප්තැම්බර් 17 තෙක් ඉවසමු.
Subscribe to:
Post Comments (Atom)
අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...
-
පෙරහැර සිරිත ලාංකීය සංස්කෘතිය තුලට අනාදිමත් කාලයක සිට එක් වූවකි. පෙරහැර සිරිතේ මුදුන් මල්කඩ උතුම් දළදා පෙරහැර ලෙස හැඳිවිය හැක.. ...
-
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...
-
මේ තියෙන්නේ ගෝවේ බොම් ජේසුස් බැසිලිකාවෙ තැන්පත් කර ඇති දේහයක්. අපි හිතන විදිහට මේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගෙ දේහය, ක්‍රිස්තු...
Cngrats bro
ReplyDelete