Friday, 14 July 2017

නාගදීපය වනසන්නට හැදූ නොමිනිසුන්

නාගදීපය වනසන්නට හැදූ නොමිනිසුන්

      අප තිලෝගුරු සම්මා සම්බුදු රජුන් දෙවන වර ලංකාවට වැඩියේ නාගදීපයේ සිදුවන්නට ගිය මහා සංග්‍රාමයක් වැළැක්වීමට ය. මිණි පළඟක් වෙනුවෙන් සටන් වැදුණු චූලෝදර මහෝදර නා රජවරු සමගි කරන්නට උන්වහන්සේට හැකිවිය.  එහිදි උන්වහන්සේට මිණි පළඟ පූජා කල නා රජවරු එය තැන්පත් කොට රාජායතන නමින් සෑයක් තනවන ලදී..

       උතුරු මුහුදේ සුන්දර දිවයිනක පිහිටි මේ බිම කල් යත්ම ලංකාවේ ප්‍රසිද්ධ සිද්ධස්ථානයක් බවට පත් විය. 1956 බුද්ධ ජයන්තිය සිහි කරනු වස් බුරුම රජයෙන් වටිනා ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් මෙම විහාරස්ථානයට ලැබුණි. දිනක් රාත්‍රියේ ජාතිවාදී අන්තවාදී කුම්භාණ්ඩයන් ලෙස හැඳින්වෙන පිරිසක් නාගදීප පුදබිමට කඩා වැදුණි.

       රාජායතන චෛත්‍යය ඩයිනමයිට් යොදා  විනාශ කල ඔවුන් විහාර ගෙවල් වනසා බුද්ධ ජයන්ති බුදු පිළිමය බිඳ දමා හිස කැබලි කොට යලි ප්‍රතිසංස්කරණය කල නොහැකි වනසේ මුහුදට දමන ලදී.

    කොළඹට මෙය වාර්තා වද්දී දින දෙකක් ගතව තිබුණි.  මේ ආරංචියත් සමඟ බියට පත් එවකට රජය සිදුවීම සඟවා තැබුවේ දකුණ තවත් කැළඹෙන්නට ඉඩ තිබූ හෙයිනි.  අනතුරුව මෛත්‍රීපාල සේනානායක මැතිතුමා එහි ගොස් සිදු කර ඇති විනාශය වාර්තා කොට ඇත.

    අග්‍රාණ්ඩුකාරවරයා බුරුම රජයෙන් ඉල්ලීමක් කොට නැවත එවැනිම පිළිමයක් ගෙන්වාගෙන යලි පුද බිමෙහි ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කර ඇත.. දහසකුත් කරදර බාදා මැද උතුරු කරයේ බොදු උරුමයේ ජීවමාන සංකේතය බඳු නාගදීපය රැකගැනීම අප කාගේත් යුතුකම කි.



No comments:

Post a Comment

අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්

         මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...