Monday, 17 July 2017
මහවැලි මහ සෑ විස්තරේ
ශ්‍රී ලංකාද්වීපය ආලෝකමත් කල මහවැලි ව්‍යාපාරය අප රටේ ජීවනාලිය බඳුය. ඒ යටතේ ඉදිවූ වඩාත් උසින් පිහිටි ජලාශය කොත්මලේ ජලාශය යි. ගම් 16 ක් පන්සල් 16 ක් විශාල ජල තලයකින් යට කරම්න් මෙය ඉදිවිය..
මේ දැවැන්ත ව්‍යාපෘතිය පසුපස වූ සෙවනැල්ල ගාමිණී දිසානායක නැමති කෘතහස්ත දේශපාලනඥයාය. එතුමාගේ පාරම්පරික නිවසද මේ ජලතලයට යට විනි.
එතුමාගේ අදහසක් අනුව මහවැලි යෝජනා ක්‍රමය වෙනුවෙන් කැප කිරීම් කල පිරිස සිහි කරමින් නූතන ඉතිහාසයේ දැවැන්තම චෛත්‍ය කර්මාන්තය ලෙස මහ වැලි මහ සෑය ඉදිවිනි.
කොත්මලේ ජලාශයේ ඉහත්තාවේ කඩදොර ඉදිවූ මෙම චෛත්‍යට විද්‍යාජෝති ආචාර්ය ඒ එන් එස් කුලසිංහ මැතිතුමාගේ සැලසුම් මුල් වී ඇත. මෙය රුවන්වැලි මහ සෑයට දෙවනි වන්නේ අඩි 2 කිනි..
මේ සෑයේ අභ්‍යන්තරය හිස් වන අතර ඇතුලත කුඩා චෛත්‍යක් සාදා ඇත. 1992 වසරේ අතර මැද ඇණහිටි චෛත්‍ය කර්මාන්තය වර්තමාන ජනාධිපතිවරයා 2000 වසරේ මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී යලි අරඹා ඇත..
Subscribe to:
Post Comments (Atom)
අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...
-
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...
-
කලකට ඉහත ජාතික රූපවාහිනියේ විකාශනය වූ " පන් පසිඳුවන් " ළමා වීර කතා මාලාව අප බොහෝ දෙනෙකුගේ ළමා කාලයේ සුන්දර මතකයක්. Famou...
-
ඉතිහාසයේ විසංවාද පෘතුගීසින් ලංකාවට එන විට ලංකාවේ පාලකයා කවුද ? මේ පැනය අද මගේ මිතුරෙක් විමසූ එකක්. ඔහුට පිළිතුරු දෙකක් තිබුණ. එකක්...

No comments:
Post a Comment