Friday, 14 July 2017
වෛද්‍ය විද්‍යාලයකට මිනී මරයි
ඒ දහනව වන සියවසේ ආරම්භ අවධියයි. නූතන වෛද්‍ය විද්‍යාව සීඝ්‍ර දියුණුවක් ලබමින් තිබුණි. බටහිර ලෝකයේ වෛද්‍යවරු බොහෝ සේ බිහි වන්නට විය. මානව ශරීරයේ අභ්‍යන්තරය අධ්‍යනය සඳහා මෘත දේහයන් විච්ඡේදනය කිරීම අද මෙන්ම එදත් සිදු කර ඇත.
එකල ව්‍යවච්ජේද විද්‍යාවේ ( anatomy ) පුරෝගාමීන් බිහි වූයේ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නගරයෙනි. එරට නීතිය අනුව විච්ඡේදනය කොට අධ්‍යනය කල හැකිව තිබුණේ සිරකරුවන්ගේ, සියදිවි නසාගන්නන්ගේ හා අනාථයන්ගේ සිරුරු පමණි. සිය දහස් ගණනක් වෛද්‍ය අධ්‍යාපනය ලැබූ එඩින්බර්ග් නගරයට එමගින් ලැබෙන මල සිරුරු ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැත.
ඒ හිඟය අපූරු නමුදු ම්ලේච්ඡ රැකියා අවස්ථාවක් උදා කොට තිබුණි. විලියම් හරේ තානායමක හිමිකරුවෙකි. 1828 වසරේ දිනක තානායමේ නවාතැන් ගෙන සිටි මගියෙක් හදිසියේම උණ රෝගයෙන් මිය යයි. හරේ මේ අවස්ථාවේ කුමක් කලයුතු දැයි උපදෙස් පතන්නේ ඔහුගේ මිත්‍රයා වූ විලියම් බර්ක් ගෙනි.
ඔහුට වෛද්‍ය විද්‍යාලයේ වූ මල සිරුරු හිඟය සිහියට එන්නේ නිරායාසයෙනි. බර්ක් ගේ මිතුරු වෛද්‍ය රොබට් නොක්ස් සම්බන්ධ කරගන්නා ඔවුන් ඔහුට පවුම් 710 කට මල සිරුර රහසේම අලෙවි කරයි.
ලැබුණු විශාල මුදල හමුවේ ඔවුන්ගේ මිනිස්කම යටපත් කරන්නට ගත වන්නේ කෙටි කලකි.
හරේ ගේ තානායම එඩින්බර්ග් වෛද්‍ය විද්‍යාල වලට අවැසි මල සිරුරු සපයන වෙළඳ සල බවට පත් විය. එහි නවාතැන් ගත් 17 දෙනෙකුගේම ඉරණම විසඳී තිබුණේ වෛද්‍ය විද්‍යාලයේ මෘත ශරීරාගාරය වෙත යන්නට ය.
මෙලෙස ඔවුන්ගේ 18 වෙනි ගොදුර වූ මාග්‍රට් නැමැති කාන්තාවගේ සිරුර අනපේක්ෂිත අන්දමින් තවත් මගීන් කිහිප දෙනෙකුට හමු වීමත් සමඟ, ම්ලේච්ඡ ඝාතන වැලක් පිළිබඳ තොරතුරු ලෝකයට නිරාවරණය විය. හරේ රජයේ සාක්ෂි කරුවෙකු බවට පත් වූ අතර බර්ක් ට මෙන්ම ඔහුට සහය වූ බිරිඳටද නඩු පැවරුණි.
අවසානයේ විලියම් බර්ග් නඩු අසා වරදකරු කොට එල්ලා මරා දමන ලද අතර, දෛවෝපගත ලෙස, දහ අට දෙනෙකුගේ සිරුරු විච්ඡේදනය කරන්නට මෘත ශරීරාගාරයට යැවූ ඔහුගේ සිරුරද එහිදී විච්ඡේදනය කරන්නට යෙදුණි. අදටත් ඔහුගේ හිස් කබල එඩින්බර්ග් වෛද්‍ය විද්‍යලයේ ප්‍රදර්ශනයට තබා ඇත.
බ්‍රිතාන්‍යය රජයට ව්‍යවච්ජේද විද්‍යාව පිළිබඳ නීති කෙටුම්පත් කරන්නට සිහි වෙන්නේ වෛද්‍ය විද්‍යාවේ නාමයෙන් සිදු වූ ම්ලේච්ඡ ඝාතන ගණනාවකට පසුව ය. වෛද්‍ය අධ්‍යාපනය සමාජයට අතිශයින්ම සංවේදී විෂය පථයකි. ලෝකයේ විවිධ රටවල නීතියේ හිදැස් තුලින් රිංගා පිහිටවන වෛද්‍ය විද්‍යාල තුල තවත් මෙවන් දෑ සිදු නොවන්නට ඉඩ ඇතැයි කාට නම් වග විය හැකි ද ?
ඉතිහාසය වනාහි යලි යලිත් ලියවෙන ලේඛනයකි. නමුදු මෙවැනි කෲරතර අඳුරු යුගයන් නැවත ලියවෙන්නට ඉඩ නොතැබීම මානව සංහතිය වෙනුවෙන් දුර දැකිය හැකි මිනිසුන් ගේ වගකීමක් බව අවධාරණය කල යුතු ය.
කෝකිල ගිහාන් විතානතන්ත්‍රී
Subscribe to:
Post Comments (Atom)
අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...
-
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...
-
කලකට ඉහත ජාතික රූපවාහිනියේ විකාශනය වූ " පන් පසිඳුවන් " ළමා වීර කතා මාලාව අප බොහෝ දෙනෙකුගේ ළමා කාලයේ සුන්දර මතකයක්. Famou...
-
ඉතිහාසයේ විසංවාද පෘතුගීසින් ලංකාවට එන විට ලංකාවේ පාලකයා කවුද ? මේ පැනය අද මගේ මිතුරෙක් විමසූ එකක්. ඔහුට පිළිතුරු දෙකක් තිබුණ. එකක්...

නොදන්නා අමුතුදේ හා හිතන්නට යමක් ඉදරිපත් කිරීම ගැන ස්තුතියි. සාර්ථක දිගු ගමනකට සුබපැතුම්
ReplyDeleteදිරිමත් කිරීම පිළිබඳව බොහොම ස්තූතියි
Delete