Wednesday, 19 July 2017
පළමු දුම්රියේ නොකී කතන්දරේ.
අවාසනාවන්ත දුම්රිය අනතුරු වගේම සියදිවි නසාගැනීම් කිහිපයක්ම හේතුවෙන් දුම්රිය අද පුවත් මවන ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා. ලොකු කුඩා අපි හැමෝම ඇලුම් කරන දුම්රියේ එදා මෙදා නොකී නොඇසූ කතා බොහොමයි.
ක්‍රි.ව. 1858 අගෝස්තු 03 වෙනිදා තමයි කොළඹ - මහනුවර දුම්රිය මග වෙනුවෙන් ප්‍රථම මංගල පස්පිඩැල්ල කැපෙන්නෙ. 1864 ආරම්භ වෙද්දි, ගැල් යුගය අවසන් කරගෙන ප්‍රථම දුම්රිය එන්ජිම මෙරටට ගොඩ බානව. 1864 දෙසැම්බර් 27 වෙනිදා තමා කොළඹ ඉදන් අඹේපුස්සට ප්‍රථම දුම්රිය ගමන සිද්ද වෙලා තියෙන්නේ,
එතන නොකී කතාව තමයි, මේ ගමනට බෙල්ජියමේ සිහසුනේ උරුමක්කාරය වුණ බ්‍රබන්ට් හි ආදිපාද තුමා මේ ගමනට එකතු වෙලා තියෙනව.
විශේෂත්වය වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා දුම්රිය පදවල තියෙන්නෙත් මේ ආදිපාද තුමා විසින්මයි.
සුදු අධිරාජ්‍යයවාදීන් දුම්රිය මාර්ග ඉදිකලේ මේ රටේ මිනිස්සු ගැන හිතල නම් නෙවෙයි ඔවුන්ගේ ප්‍රධානම අරමුණ වුණේ ඔවුන්ගෙ වාණිජ අරමුණු වෙනුවෙන් මේ මාර්ගය යොදාගන්න එක. ඒ කොහොම වුණත් අද දුම්රිය අත්‍යාවශ්‍යම පොදු ප්‍රවාහන සේවකක් බවට පත් වෙලා තියෙනව.
Monday, 17 July 2017
මහවැලි මහ සෑ විස්තරේ
ශ්‍රී ලංකාද්වීපය ආලෝකමත් කල මහවැලි ව්‍යාපාරය අප රටේ ජීවනාලිය බඳුය. ඒ යටතේ ඉදිවූ වඩාත් උසින් පිහිටි ජලාශය කොත්මලේ ජලාශය යි. ගම් 16 ක් පන්සල් 16 ක් විශාල ජල තලයකින් යට කරම්න් මෙය ඉදිවිය..
මේ දැවැන්ත ව්‍යාපෘතිය පසුපස වූ සෙවනැල්ල ගාමිණී දිසානායක නැමති කෘතහස්ත දේශපාලනඥයාය. එතුමාගේ පාරම්පරික නිවසද මේ ජලතලයට යට විනි.
එතුමාගේ අදහසක් අනුව මහවැලි යෝජනා ක්‍රමය වෙනුවෙන් කැප කිරීම් කල පිරිස සිහි කරමින් නූතන ඉතිහාසයේ දැවැන්තම චෛත්‍ය කර්මාන්තය ලෙස මහ වැලි මහ සෑය ඉදිවිනි.
කොත්මලේ ජලාශයේ ඉහත්තාවේ කඩදොර ඉදිවූ මෙම චෛත්‍යට විද්‍යාජෝති ආචාර්ය ඒ එන් එස් කුලසිංහ මැතිතුමාගේ සැලසුම් මුල් වී ඇත. මෙය රුවන්වැලි මහ සෑයට දෙවනි වන්නේ අඩි 2 කිනි..
මේ සෑයේ අභ්‍යන්තරය හිස් වන අතර ඇතුලත කුඩා චෛත්‍යක් සාදා ඇත. 1992 වසරේ අතර මැද ඇණහිටි චෛත්‍ය කර්මාන්තය වර්තමාන ජනාධිපතිවරයා 2000 වසරේ මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී යලි අරඹා ඇත..
Sunday, 16 July 2017
මලවුන් යලි කැදවන මානෙන් උළෙල
මේ මිහිපිට ඇත්තේ පුදුමාකාර සංස්කෘතික විවිධත්වය කි. ඉන්දුනීසියාවේ දකුණු සුලවෙසි දූපතේ ටොරාජන් ජාතිකයන් මේ අපූර්ව උත්සවය වසර තුනකට වරක් පවත්වයි.
එහිදී සිදු වන්නේ මියගිය තම ඥාතීන් වල දැමූ සොහොනෙන් එලියට ගැනීමයි. එහිදී විවිධ චාරිත්‍ර සිදුවේ. මේ මල සිරුරු සෝදා, සුවද ගල්වා ඒවාට වටිනා අලුත් ඇදුම් අන්දවයි.
අනතුරුව පෙරහැරකින් මල සිරුරු ගම වටේ ඇවිද්දවයි.. මෙය දින කිහිපයක් සිදු වන චාරිත්‍ර වලින් යුක්ත වේ. ඒ කාලය තුල මල සිරුරු විශේෂ ගල් ගුහාවක තැම්පත් කරයි.
පසුව අලුත් පෙට්ටියක චාරිත්‍රානුකූලව යලිත් භූමදානය සිදු කරයි. මෙය මලවුන්ගේ ආශිර්වාදය හා සමෘද්ධිමත් බව උදෙසා කරන්නක් බව කියවේ. නමුත් මෙය සෞඛ්‍ය ගැටලු ඇති කරන්නක් බව එරට බලධාරීන් පවසයි..
Saturday, 15 July 2017
නවගමුවේ අසිරිමත් ගොන්පිට පෙරහැර..
පෙරහැර සිරිත ලාංකීය සංස්කෘතිය තුලට අනාදිමත් කාලයක සිට එක් වූවකි. පෙරහැර සිරිතේ මුදුන් මල්කඩ උතුම් දළදා පෙරහැර ලෙස හැඳිවිය හැක.. අනෙකුත් විහාරස්ථාන, දේවාල මූලික කර ගනිමින් ද පෙරහැර චාරිත්‍රය පැවැත්වෙන අතර ඒවායේ ඇතැම් අංග විවිධත්වයක් පෙන්වයි.
පත්තිනි දේවිය වෙනුවෙන් වූ ප්‍රධානතම දෙවොල, නවගමුව දේවාලයේ වාර්ෂික පෙරහැර ඒ අතරින් සුවිශේෂී වෙයි.. ඒ එහි දින තුනක් පැවැත්වෙන ගොන්පිට පෙරහැර නම් පෙරහැර චාරිත්‍රය හේතුවෙනි. සාමාන්‍යයෙන් පෙරහැර වලට යොදාගන්නේ හස්ති රාජයන් වුවද, මේ පෙරහරේ මූලිකත්වය ගන්නේ ගවයන් ය.
ඒ සඳහාම ගව පට්ටියක් දේවාලය විසින් පවත්වාගෙන යයි.. පෙරහැරේ දී සුදු පැහැති ශක්තිමත් ගොනෙකු, රන් පැහැ වස්ත්‍රයක් පළදා සරසා ගනී.. ගවයා මත දේවාභරණ රැගත් කපු මහතෙකු ගමන් කරන්නේ උඩු වියන් සහිතවය. එසේම වැඩුණු තවත් ගොන්නුන් ද මේ පෙරහරේ ගමන් ගනී.
✒️ කෝකිල ගිහාන් විතානතන්ත්‍රී
ඡායාරූප කඩුවෙල අපි ෆේස් බුක් පිටුවෙන් උපුටා ගත්තකි....
Friday, 14 July 2017
නාගදීපය වනසන්නට හැදූ නොමිනිසුන්
නාගදීපය වනසන්නට හැදූ නොමිනිසුන්
අප තිලෝගුරු සම්මා සම්බුදු රජුන් දෙවන වර ලංකාවට වැඩියේ නාගදීපයේ සිදුවන්නට ගිය මහා සංග්‍රාමයක් වැළැක්වීමට ය. මිණි පළඟක් වෙනුවෙන් සටන් වැදුණු චූලෝදර මහෝදර නා රජවරු සමගි කරන්නට උන්වහන්සේට හැකිවිය. එහිදි උන්වහන්සේට මිණි පළඟ පූජා කල නා රජවරු එය තැන්පත් කොට රාජායතන නමින් සෑයක් තනවන ලදී..
උතුරු මුහුදේ සුන්දර දිවයිනක පිහිටි මේ බිම කල් යත්ම ලංකාවේ ප්‍රසිද්ධ සිද්ධස්ථානයක් බවට පත් විය. 1956 බුද්ධ ජයන්තිය සිහි කරනු වස් බුරුම රජයෙන් වටිනා ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් මෙම විහාරස්ථානයට ලැබුණි. දිනක් රාත්‍රියේ ජාතිවාදී අන්තවාදී කුම්භාණ්ඩයන් ලෙස හැඳින්වෙන පිරිසක් නාගදීප පුදබිමට කඩා වැදුණි.
රාජායතන චෛත්‍යය ඩයිනමයිට් යොදා විනාශ කල ඔවුන් විහාර ගෙවල් වනසා බුද්ධ ජයන්ති බුදු පිළිමය බිඳ දමා හිස කැබලි කොට යලි ප්‍රතිසංස්කරණය කල නොහැකි වනසේ මුහුදට දමන ලදී.
කොළඹට මෙය වාර්තා වද්දී දින දෙකක් ගතව තිබුණි. මේ ආරංචියත් සමඟ බියට පත් එවකට රජය සිදුවීම සඟවා තැබුවේ දකුණ තවත් කැළඹෙන්නට ඉඩ තිබූ හෙයිනි. අනතුරුව මෛත්‍රීපාල සේනානායක මැතිතුමා එහි ගොස් සිදු කර ඇති විනාශය වාර්තා කොට ඇත.
අග්‍රාණ්ඩුකාරවරයා බුරුම රජයෙන් ඉල්ලීමක් කොට නැවත එවැනිම පිළිමයක් ගෙන්වාගෙන යලි පුද බිමෙහි ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කර ඇත.. දහසකුත් කරදර බාදා මැද උතුරු කරයේ බොදු උරුමයේ ජීවමාන සංකේතය බඳු නාගදීපය රැකගැනීම අප කාගේත් යුතුකම කි.

රජ_පවුලේ_සැත්කම්_ඉතිහාසය
" ඔයාට ඔපරේෂන් එකක් කරන්න වෙනවා " වෛද්‍යවරයෙක් මෙහෙම කිව්වොත් අදටත් අපි යම් තරමක් හෝ සලිත වෙනවා. නමුත් ඔබේ වෛද්‍යවරයා නම් සලිත නොවේ වි. බටහිර වෛද්‍ය විද්‍යාවේ මුල් යුගයෙදි, වෛද්‍යවරු පවා සැත්කමක් කරන්න දෙතුන් පාරකටත් වඩා හිතන්න ඇති,
ඒ සැත්කමත්, ලොවෙන් අඩක් පමණ පාලනය කල බ්‍රිතාන්‍ය රජ පවුලෙ කෙනෙක්ට නම් ? වෛද්‍යවරයා පත්වන අසීරුතාව ඔබට සිතාගත හැකි ද, නමුත් එකලත් රජ පවුලේ ඥාතීන්ගේ විවිධ රෝගාබාධ වෙනුවෙන් සැත්කම් කරන්නට වෛද්‍යවරු කටයුතු කරල තියෙනව.
වික්ටෝරියා මහ රැජිනගෙ මාමණ්ඩිය වූ පළවෙනි ලියෝපෝල්ඩ් රජතුමා මුත්‍රා ගල් සෑදීම නිසා පීඩා විදි අයෙක්. කොතෙකුත් ප්‍රතිකාර කලත් සුවයක් නැති තැන හෙන්රි තොම්ප්සන් කියන වෛද්‍යවරයා ඉදිරිපත් වෙනව සැත්කමක් කරන්න, සැත්කම සාර්ථක වුණ නිසා නයිට් පදවියක් ලබපු වෛද්‍යවරයා ජාත්‍යන්‍තරයේ කීර්තිය ලබනවා.
ඒ විතරක් නෙවෙයි සැත්කමක් නිසා රාජාභිෂේකයක් කල් දැමූ අවස්ථාවකුත් බ්‍රිතාන්‍යය ඉතිහාසයේ තියෙනවා. වික්ටෝරියා මහ රැජිනගෙ අභාවයෙන් පස්සෙ සිහසුනට පත්වෙන්නෙ වේල්ස් කුමාරයා, ඔහු අභිශේක ගන්වන්න නියමිත වෙලා තිබුණේ 1920 ජුනි 26. හරියටම ඊට දින 12 කට කලින් කුමාරයට අනුබද්ධදාහයෙ ( ඒ කිව්වේ appendicitis ) ලක්ෂණ ඇති වෙනවා.
ජුනි 24 වෙනිදා රාජාභිෂේකය වෙනුවෙන් බකිංහැම් මන්දිරයෙ පැවැත්වෙන සාදයට ඔහු එක්වෙන්නෙ වෛද්‍ය උපදෙසුත් නොතකා. එහිදී හදිසියේ ම රෝගය උත්සන්න වෙනවා. වහාම සැත්කමක් සඳහා උපදෙස් ලැබෙනවා. රජතුමා ඒකට අකමැති වෙන්නෙ රාජාභිෂේකය හින්දා. ඒත් වෛද්‍යවරු සැත්කම නොකලොත් මෙලොව රජ කරන්නට නොවෙන බව පැහැදිලි කරනවා.
මේ නිසා කඩිනම් ශල්‍යකර්මයක් ෆෙඩ්රික් හා ට්‍රිවිස් කියන වෛද්‍ය විශේෂඥයො සිදු කරනවා. රාජාභිෂේකය කල් දාල ඒ සඳහා පිළියෙළ කරපු කෑම බීම ලන්ඩනයේ දුප්පතුන්ට බෙදා දෙන්න නිලධාරින්ට සිද්ද වෙනවා. ප්‍රාථමික තාක්ෂණයක් එක්ක එදා ඒ කරපු සැත්කම් ඇත්තටම විස්මිත යි.
දහනව වෙනි සියවසෙ අගභාගයේ ලංකාවෙ තත්වයත් ඔය වගේ. හැබැයි අද වෛද්‍ය විද්‍යාව එදාට වඩා බොහොම දියුණුයි හැම අංශයකින්ම. මේ රට ඇතුලෙම කෑලි වෙන්වුණු ශරීරාංග එක් කරන්න පවා හැකියාවක් දැන් තියෙනව.
ඉතිහාසයේ විසංවාද
ඉතිහාසයේ විසංවාද
පෘතුගීසින් ලංකාවට එන විට ලංකාවේ පාලකයා කවුද ?
මේ පැනය අද මගේ මිතුරෙක් විමසූ එකක්. ඔහුට පිළිතුරු දෙකක් තිබුණ. එකක් අටවන වීර පරාක්‍රමබාහු රජතුමා අනෙක නව වන ධර්ම පරාක්‍රමබාහු රජතුමා...
අටවන වීර පරාක්‍රමබාහු නමින් රජ වන්නේ හයවැනි පරාක්‍රමබාහු රජතුමා පුත් තනතුරේ හැදූ අඹුළුගල කුමරුන් ය. මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන්ට අනුව එතුමා වයස්ගතව ක්‍රි.ව. 1509 ජුනි මස හත් වැනිදා මියගොස් ඇත.
පෘතුගීසින් ගාලු වරායට ගොඩ බසින්නේ ක්‍රි.ව. 1505 දීය. ඒ නිසා ගැටලුවක් මතුවෙන්නේ කෙලෙස ද ? නමුත් ගැටලුව ඇති කරන්නේ ඉතිහාස කතා කරුවාමය. වීර පරාක්‍රමබාහු රජතුමාට පසු රජවෙන්නේ හයවැනි විජයබාහු නම් ඔහුගේ පුත්‍රයෙකි..
රාජාවලියේ ධර්ම පරාක්‍රමබාහු නැමැත්තා ඔහුගේ සොහොයුරෙකි. ඔහු රජකම සඳහා අරගලයක් කොට ඇත. හෙතෙම පෘතුගීසින්ගෙන් පළමුව යුධ ආධාර පැතූ ශ්‍රී ලාංකික රාජ වංශිකයාය. ක්වේරෝස් ගේ වාර්තා අනුව 1517 දී පෘතුගීසින් මෙරටට පැමිණ ඇත්තේ ඔහුගේ සහයෙන් කොටුවක් තැනීමටය..
හයවැනි විජයබාහු රජතුමා එය ව්‍යර්ථ කොට ඇත. මෙසේ බලන විට ධර්ම පරාක්‍රමබාහු කිසිදු දිනෙක මෙරට රජ කොට ඇත. එහෙත් පෘතුගීසින් ඔහු මෙරට රජු ලෙස හඳුන්වා ඇත. ක්වේරෝස් ගේ කූතෝ ගේ වාර්තා මෙන්ම රාජාවලිය ද ධර්ම පරාක්‍රමබාහු රජෙක් ලෙස සඳහන් කලද,
මහාවංසය , රාජරත්නාකරය ඔහුව ශ්‍රී ලාංකීය රාජ නාමාවලියට ඇතුල් කොට නැත. ඔහු නිකුත් කල සන්නස් හෝ සෙල්ලිපියක් හමුව නැත.. බොහෝ විට කෝට්ටේ යුගයේ රජවරුන් ගේ රාජ කාලය ගැටලු සහගත වන්නේ ඔවුන් යුවරාජ පදවිය දැරූ කාලයද ඇතැම් ලේඛකයන් ඊට ඈදා ගෙන ඇති බැවිනි...

Subscribe to:
Posts (Atom)
අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...
-
පෙරහැර සිරිත ලාංකීය සංස්කෘතිය තුලට අනාදිමත් කාලයක සිට එක් වූවකි. පෙරහැර සිරිතේ මුදුන් මල්කඩ උතුම් දළදා පෙරහැර ලෙස හැඳිවිය හැක.. ...
-
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...
-
මේ තියෙන්නේ ගෝවේ බොම් ජේසුස් බැසිලිකාවෙ තැන්පත් කර ඇති දේහයක්. අපි හිතන විදිහට මේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගෙ දේහය, ක්‍රිස්තු...